ඉරාන රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කල වරදට බ්‍රිතාන්‍ය කාන්තාවක් හිරේට



ඉරාන රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබූ ඉරාන සම්බවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට පස් වසරක සිර දඬුවමක් පැනැවීමට ඉරාන රජය කටයුතු කර තිබේ.

නසානීන් සගාරී රෙඞ්ක්ලිෆ් නමැති මෙම කාන්තාව එක්දරු මවකි. ඇය මීට මාස කිහිපයකට පෙර ඉරානයේ සිය ඥාතීන් බැලීමට ගිය අවස්ථාවකදී අත්අඩංගුවට පත්වුණු බව ඇගේ බි්‍රතාන්‍ය ජාතික සැමියා පවසා ඇත.

චෝදනා ලැබ ඉරාන අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී අධිකරණය තීන්දු කළේ නසානීන් සගාරී රෙඞ්ක්ලිෆ්ට පස් වසරක සිරදඬුවමක් ලබා දිය යුතු බව යැයි විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර ඇත.

 

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS