ඉරාන ගීත ඇල්බමයක් එළිදකී



ජර්මනියේ  30M Records නමැති සමාගම ඉරාන සංගීතකරුවන් දෙදෙනකුගේ ගීත ඇල්බමයක් එළිදක්වා ඇත. සාම්ප්‍රදායික ඉරාන සංගීතය සහ නූතන සංගීතය මුසුකරමින්, සංගීතවත් ගත ගීත රැසක් ඊට ඇතුළත් වෙයි.

ඉස්ලාමීය නීති හමුවේත් ජාත්‍යන්තර සම්බාධක හමුවේත් සැඟවුණු ඉරාන සංගීතය ලොවට ගෙන යෑමේ අරමුණින් තමන් මෙම ගීත ඇල්බම් එළිදැක්වීමට කටයුතු කළ බව 30M Records සමාගමේ හිමිකරු වන මතියාස් කෝෂ් පවසයි. 49 හැවිරිදි කෝෂ් ජර්මනියේ උපන් ජර්මනියේ ජීවත් වන ඉරාන සම්භවයක් ඇති තැනැත්තෙකි.

යම් දිනෙක, ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් වූ දිනෙක, ඉරාන සංගීතඥයන්ට සහ දක්ෂ ගායකයන්ට අතහිත දීම තමාගේ අරමුණ බවත්, ඉරාන සංගීතය පිළිබඳ ලෝකයා දැනගත යුතු බවත් කෝෂ් පැහැදිලි කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS