ඉරාකයේ තත්ත්වය කියනවාට වඩා දරුණුයි ?



ඉරාකයෙන් වාර්තා වී ඇති කොවිඩ් - 19 ආසාදිතයන් සංඛ්‍යාව 772ක් යැයි පැවසුව ද එහි සැබෑ සංඛ්‍යයාව දහස් ගණනක් විය හැකියැයි පරීක්ෂණ කටයුතුවලට සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරුන් තිදෙනෙක්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියකු සහ දේශපාලනයට සම්බන්ධ ජ්‍යේෂ්ඨ නිලධාරියකු පවසයි.

ඉරාක බලධාරීන් වෛද්‍ය කාර්ය මණ්ඩලවලට උපදෙස් දී ඇත්තේ කිසිදු මාධ්‍යයකට තොරතුරු නොදෙන ලෙසිනි. තොරතුරු ලබාගත හැකි එකම නිල ආයතනය වන ඉරාකයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝගය පැතිරීම පිළිබඳ මූළාශ්‍ර මාධ්‍ය වෙත ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

වෙනත් මූලාශ්‍රවලින් ලැබෙන්නේ වැරදි තොරතුරු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක සයිෆ් අල්-බද්ර් රොයිටර්  පුවත් සේවය වෙත යවන ලද කෙටි පණිඩයක දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා නිකුත් කළ නවතම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ ඉරාකයේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 772ක් වන අතර මරණ 54ක් වන බවයි.

එසේ වුව ද බැග්ඩෑඩ් හි පිහිටි කොවිඩ් - 19 බවට සැකසහිත පුද්ගලයන් පරීක්ෂා කිරීමට උපකාර කරන ඖෂධ කණ්ඩායම්වල සේවය කරන වෛද්‍යවරු තිදෙනා කියා සිටියේ දෛනික ප්‍රතිඵල නිරීක්ෂණය කරන වෛද්‍යවරුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව රෝගීන් 3,000ත් 9,000ත් අතර ප්‍රමාණයක් සිටින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු පැවසුවේ නැගෙනහිර බැග්ඩෑඩයේ පමණක් තහවුරු වූ රෝගීන් 2,000ට වැඩි සංඛ්‍යාවක් සිටින බවයි. වෙනත් ප්‍රදේශවල හෝ පළාත්වල සංඛ්‍යාව ගණන් නොගන්නා බවත් හෙතෙම කීවේය.

සෞඛ්‍ය ආමත්‍යාංශ නිලධාරියා සමග සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන නිලධාරියා කියා සිටියේ රෝගීන් දහස් ගණනක් තහවුරු වී ඇති බවයි.


RECOMMEND POSTS