ඉරාකයේ අවමංගල උත්සවයක්



ඇමෙරිකා මිසයිල ප්‍රහාරයෙන් මියගිය මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් වෙනුවෙන් විශේෂ අවමංගල උත්සවයක් ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර දී පැවැත්විණි.

ඉරාකයේ ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් වැසියෝ දහසකට ආසන්න පිරිසක් ඊට එක් වූහ. ඔවුහු ඇමෙරිකාවට විරෝධය දක්වමින් විරෝධතා පෙළපාළි ද පැවැත් වූහ.

අවමංගල උත්සවය පැවැත්වෙද්දී, ඇමෙරිකන් තානාපති කාර්යාලය ද පිහිටා ඇති ග්‍රීන්සෝන් අධි ආරක්ෂක කලාපයට රොකට් ප්‍රහාර කීපයක් එල්ල වූ බව ඇමෙරිකන් හමුදා කියයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS