ඉතාලි නියෝජිතයෝ කටාරයේ



ඉතාලි විදේශ කටයුතු ඇමැති මෙන්ම අන්තර් ජාතික සහයෝගීතා සම්බන්ධ ඇමැතිවරයා ද වන ඇන්ජෙලීනෝ ඇල්ෆානෝ ඇතුළු ධූත පිරිස කටාර් රාජ්‍යයේ සංචාරයක නියැළෙති.

ඔවුහු කටාර් අගමැතිවරයා මෙන්ම එරට ස්වදේශ කටයුතු ඇමැතිවරයා ද වන ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් බින් කලීෆා අල් තානී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

අංශ ගණනාවක් ඔස්සේ සාකච්ඡා පැවැත්වුණු බව ද වාර්තා වේ. ඉතාලියේ හෙට (4) මහ මැතිවරණය පැවැත්වෙයි. ඒ සම්බන්ධයෙන් ද කටාර් අගමැතිවරයා විමසීමක් කළේ යැයි ද වාර්තා වේ.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS