ආසාදිතයන් 1,578: මරණ 2යි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පසුගිය පැය 24 තුළ ආසාදිතයන් 1,578 දෙනෙක් හමු වී ඇති බව සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එම කාලය තුල ආසාදිතයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

කොරෝනා පරීක්ෂණ 144,483ක් පසුගිය පැය 24 තුළ සිදුකළ බවත්, කොරෝනා රෝගීන් කල්තියා හඳුනා ගැනීම සඳහා රට පුරා කොරෝනා පරීක්ෂණ වැඩිකරන බව සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)  

RECOMMEND POSTS