ආධාර වැඩසටහන් නවත්වනවා



යේමනයේ ආධාර වැඩසටහන් විසි දෙකක් නවතා දැමීමට සිදුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

මේ වසර මුලදී ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි ආධාර මුදලක් ලබාදීමට රටවල් කීපයක් පොරොන්දු වු බවත්,පොරොන්දු වූ ආධාර මුදල් එම රටවල් ලබා නොදෙන්නේ නම් ඉදිරි මාස දෙක ඇතුලත යේමනයේ ක්‍රියාත්මක වන“ජීවිතාරක්ෂක’’ආධාර වැඩසටහන් 22 ක් නවතා දැමීමට සිදුවනු ඇති බවටඑක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.

ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක් පොරොන්දු වූ නමුත් එම මුදලෙන් අඩකටත් වඩා අඩුවෙන් ලබාදීමට කටයුතු කර ඇති බව යේමනයේ එක්සත් ජාතීන්ගේ මානුෂීය වැඩසටහන් සම්බන්ධීකාරක, ලයිස් ග්‍රෑන්ඩ් ප්‍රකාශ කළේ ය.

ප්‍රධාන ආධාර වැඩසටහන් 34 න් 3 කට පමණක් මෙම වසරේආධාරමුදල් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)

RECOMMEND POSTS