අබුඩාබි යනවා නම් ‘බූස්ටරය’ අනිවාර්යයි



‘ඔමික්‍රෝන්’ විකෘතිය හේතුවෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, අබුඩාබි නගරයට ඇතුළු වීමට ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත මාත්‍රා මෙන්ම, බූස්ටර් හෙවත් වර්ධක එන්නත ද ලබාගෙන තිබීම අනිවාර්ය වෙයි.

‘බූස්ටර්’ එන්නත් ලබා ගෙන ඇති අයට එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් පසු කිසිදු බාධාවකින් තොරව නගරයට ඇතුළු විය හැකි බව බලධාරීහු පවසති.

අබුඩාබි සෞඛ්‍ය බලධාරීන් ‘පූර්ණ එන්නත්කරණයකට’ ලක් වී ඇතැයි තීරණය කරන්නේ ‘බූස්ටර්’ එන්නත ද ලබා ගත් අය පමණක් බව ද නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් මාස 6 කට පසු ‘බූස්ටර්’ එන්නත ලබා ගැනීමේ හැකියාව ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS