අත්අඩංගුවට ගත් කුර්දි නායකයා ඉල්ලයි



චෙක් බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින කුර්දි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු නායක සාලීහ් මුස්ලිම් උදර්පණය කරන්නැයි තුර්කිය ඉල්ලා ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

සාලීහ් මුස්ලිම් උදර්පණය කරන්නැයි නිල වශයෙන් ඉල්ලීමක් කරමින් තුර්කි නියෝජ්‍ය අගමැති බෙකීර් බොස්ඩාග් චෙක් බලධාරීන්ට ලියවිල්ලක් යවා ඇති බව ද වාර්තා වේ.

සාලීහ් මුස්ලිම් අත්අඩංගුවට ගැනුනේ ප්‍රාග්හිදීය. ඒ, පසුගිය සති අන්තයේය. එම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඉන්ටර්පෝල් රතු නිවේදනයක් හේතුවෙනි.

සාලීහ් මුස්ලිම් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිස් සේවයට දන්වා ඇත්තේ ද තුර්කි රජයයි.

සාලීහ් මුස්ලිම් තුර්කියට එවනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බව චෙක් බලධාරීහු කියා සිටිති.

සාලීහ් මුස්ලිම් තුර්කියට උදර්පණය කරනවා ද නැද්ද යන්න තීරණය ඇත්තේ චෙක් බලධාරීන් සතුව යැයි ප්‍රාග් නුවර තුර්කි තානාපති අහ්මෙත් නෙකාටී බිගාලී පවසා ඇත.

(ප්‍රෙස් ටීවී/ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS