65 වන සංවත්සරයට රන් කාසියක්



කුවේට් ජාතික ගුවන් සේවය ආරම්භ කර 2019 වර්ෂයට වසර හැට පහක් සම්පූර්ණ වන බව වාර්තා වේ. 

හැට පස්වැනි සංවත්සරය නිමිත්තෙන් රන් සමරු කාසියක් නිකුත් කිරීමට කුවේට් මහබැංකුව කටයුතු කර ඇත. 

කාසියේ ඉදිරිපස කොටසින් ගුවන් සේවයේ නිල ලාංඡනය සහ කුවේට් ප්‍රාන්තය නිරූපනය වේ.

කුවේට් මහ බැංකුවේ ලාංඡනය, ඉංග්‍රීසියෙන් සංවත්සර වසර සහ කුවේට් ගුවන් සමාගමේ ගුවන් යානයක් නිරූපනය වන ආකාරයෙන් රන් සමරු කාසියේ පසුපස නිර්මාණය කර ඇත.

ජානක ප්‍රියසර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS