හමුදාපති හදිසියේ මියගිහින්



පෙරදිග කලාපයේ ඇමෙරිකා නාවික හමුදා ආඥාපති වයිස් අද්මිරාල් ස්කොට් ස්ටියර්නි හදිසියේ මියගොස් ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

වයිස් අද්මිරාල් ස්කොට් ස්ටියර්නි සිට ඇත්තේ බහරේනයේ මනාමා අගනුවර ඔහුගේ නිල නිවසේදීය. මධ්‍යධරණී මුහුද කේන්ද්‍රකොට ගනිමින් සහ සෝයූස් සමුද්‍ර සංධිය කේන්ද්‍ර කොට ගනිමින් ඇමෙරිකන් නාවික හමුදා මෙහෙයුම් සඳහා අණ දීම සිදු කළේ වයිස් අද්මිරාල් ස්කොට් ස්ටියර්නිය.

මරණය සම්බන්ධයෙන් ඇමෙරිකා නාවික හමුදා අපරාධ පරීක්ෂණ අංශය සහ බහරේන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය එක් වී පරීක්ෂණ පවත්වන බව ද පැවැසෙයි. කෙසේ නමුත් මරණය සම්බන්ධයෙන් සැකකටයුතු කිසිවක් වාර්තා වී නොමැති බව මූලික පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි පරීක්ෂකයෝ පෙන්වා දෙති.

​(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS