ස්මාර්ට් බස් රථ 400 ක් 2020 දී



වන්දනාකරුවන් ප්‍රවාහනයට ස්මාර්ට් බස් රථ 400ක් 2020 දි යෙදවීමට පියවර ගෙන ඇත.

අදාල ව්‍යාපෘතියේ අවසන් අදියරය 2019 වර්ෂය අවසන් වනවිට ක්‍රියාත්මක කිරීමට මක්කම සංවර්ධන අධිකාරිය සැළසුම් කර ඇති අතර 2020 වර්ෂය ආරම්භයේ සිට බස් රථප්‍රවාහනය සඳහා යෙදවීමට නියමිතව ඇත.

පළමු අදියරයේදි ආසන 40 සහ 60 බස් රථ 400ක් ප්‍රවාහනයට යොදවන අතර ඉන් 240ක් දිනපතා සේවයට එක්කර හජ් සහ උම්රා වන්දනාකරුවන් මෙන්ම පූජා නගරයේ පදිංචිකරුවන් ප්‍රවාහනය කිරීමට අධිකාරිය අපේක්ෂා කරයි.

නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත වන අතර වයි-ෆයි තාක්ෂණය, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ඉලෙක්ට්‍රෝනික් ගෙවීම් පද්ධතියක් සහ අනිකුත් නවීන තාක්ෂණික උපකරණ බස් රථවලට සවිකර ඇත.

සෞදි රියාල් බිලියන 3.2ක් ව්‍යාපෘතියට යොදවන අතර සෞදි නෙස්මා සහ ස්පාඤ්ඤයේ ටී.එන්.සී සමාගම අතර බස් රථ ගෙන්වීම, පවත්වා ගෙන යෑම සහ නඩත්තු කටයුතු වෙනුවෙන් වසර දහයක ගිවිසුමක් අත්සන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මක්කම නුවර)


RECOMMEND POSTS