දින 3 කදි ශල්‍යකර්ම 331ක්



සෞදි අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් බංගලිදේශයට පැමිණ ශල්‍යකර්ම 331 සිදුකර ඇති බව වාර්තා වේ.

අදාල අක්ෂි ශල්‍යකර්ම ප්‍රමාණය දින තුනක් ඇතුලතදී සෞදි වෛද්‍යවරුන් සිදුකර ඇති අතර තුන්වන දිනයේදි පමණ අක්ෂි ශල්‍යකර්ම 173ක් සිදුකර ඇත. 

“World Sight Foundation’’ ආයතනය සමඟ අත්සන් කළ ගිවිසුමක අනුව සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානයේ ස්වේච්ඡා ශල්‍යවෛද්‍ය කණ්ඩායමක් අක්ෂි ශල්‍යකර්ම සිදුකිරීම සඳහා බංග්ලාදේශයට පැමිණ ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS