ගුවන් මගින් මිලියන 15 ක් ඇවිත්



මස්කට් ගුවන්තොටුපොල මිලියන 14.2කගුවන් මඟීන් සංඛ්‍යාවක් 2018 දි මෙහෙයවා ඇති බව වාර්තා වේ.

2017වර්ෂයේ පැමිණි ගුවන් මඟීන්ගේ සංඛ්‍යාව සමඟ සංසන්දනය කිරිමේදි 2018 වර්ෂයේදි 11.1% වර්ධනයක් බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුවන් මඟීන් 7,135,398 මස්කට් ගුවන්තොටුපොලට 2018 දි පැමිණ ඇති අතර 7,088,730ක් පිට වී ගොස් ඇති අතර 18,883ක් මස්කට් ගුවන්තොටුපොල හරහා සිය ගමනාන්තවලට ගොස් ඇත.

ඕමාන ජාතිකයන් 15,413,135ක් 2018 වර්ෂයේදි මස්කට් ගුවන්තොටුපොල භාවිතා කර ඇති අතර 14,034,865ක් 2017 වර්ෂයේදි භාවිතා කර ඇත. 9.8%ක වර්ධනයකි. 

2018 වර්ෂයේදි  ගුවන් මඟීන් මිලියන 16.8ක් මස්කට් සහ සලාලා ගුවන්තොටුපොලවල් හරහා  සිය ගමනාන්ත වෙත ගොස් ඇති අතර ගුවන් වාර 111,804ක් ක්‍රියාත්මක කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS