ඇමෙරිකාව ඉවත් වෙන්න ඕනෑ



සිරියානු අර්බුදය සම්බන්ධයෙන් එම අර්බුදයට මැදිහත් වී සිටින රුසියාව, තුර්කිය සහ ඉරානය අතර හමුවක් ඉරානයේ තෙහෙරාන් අගනුවර කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ විය.

සමුළුවට සහභාගී වීමට රුසියා ජනාධිපති පුටින්, තුර්කි ජනාධිපති එර්දොවාන් ඉරානයට පැමිණ සිටිති. රුසියාව සහ ඉරානය සිරියාවේ බෂීර් අල් අසාද් ජනාධිපතිගේ ෂියා මුස්ලිම් රජයට සහාය දක්වයි.

තුර්කිය, සිරියානු රජයට පමණක් නොව, රජයට එරෙහිව නැගී සිටින සිරියාවේ විපක්ෂ දේශපාලන කැරැලිකරුවන්ට සහාය දක්වයි.

සිරියාවේ ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් සහ බුද්ධි අංශ නිලධාරීන් රැඳී සිටින අතර, ඔවුන් සහාය දක්වන්නේ සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා සන්නද්ධ කල්ලිවලටය.

ඇමෙරිකා හමුදා මෙසේ සිරියාවේ රැඳී සිටීම නීතිවිරෝධී බවත්, ඇමෙරිකාව වහා තම හමුදා ආපසු ගෙන්වා ගැනීම කළ යුතු බවත් ඉරාන ජනාධිපති හසන් රොව්හානී, තෙහෙරාන් නුවර පැවැත්වෙන ‘සිරියානු සාම සමුළුව’ ආරම්භ කරමින් අවධාරණය කළේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS