සුපිරි නළු සල්මන්ගේ තනිකඩව සමරන අවසාන උපන්දිනය



 


ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි....

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්  ඉකුත් 27 වැනිදා සිය පනස් එක් වැනි උපන්දිනය සැමරූ අතර එය ඔහු තනිකඩව සමරන අවසාන උපන්දිනය බවට බොලිවුඩ් වාර්තා සඳහන් කරයි.

මුම්බායි හි පාන්වෙල් පිහිටි ඛාන් පවුල සතු සුවිසල් බංගලාවේදී සල්මාන් කාන් සිය පියා ,මව ,සහෝදර සහෝදරියන් සමඟින් සිය උපන්දිනය සමරා ඇත.

ඔහු මෙම අවස්ථාවට සිය හිතමිතුරන් රැසකට ආරාධනා කර තිබූ අතර පැමිණි සිටි එම පිරිසෙන් ඔහු ආදරවන්තිය ලෙස සැලකෙන ලුලියා වැන්තූර් පැමිණි සිටීම කාගේත් අවධානයට යොමු විණි.මීට අමතරව බොලිවුඩ් නිළි බිපාෂා බාසු ,සල්මන් ඛාන් ගේ හිටපු පෙම්වතියක් වන සංගීතා බිජ්ලානි ද මෙම උපන්දින සාදයට සහභාගී වූහ.

සල්මන් කාන් සිය සමීපතමයින් සමඟ උපන්දිනය සැමරූ අයුරැ පහත ඡායාරූප වල දැක්වේ.

 

තිළිණි ද සිල්වා 


RECOMMEND POSTS