වාර්තාගත ලෙස ඉහළ යයි



 
ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පැනවීමත් සමඟ ඉරානයේ රියාල් මුදල් ඒකකයකට සාපේක්ෂව වාර්තා ගත අයුරින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 150,000 දක්වා ඉහළ ගොස් ඇතැයි එට විදේශ විනිමය වෙබ් අඩවි වාර්තා කර ඇත.
 
ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ සම්බාධකත් සමඟ එරට ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇතයි පැවසේ. 
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක් බදාදා (5) ඉරාන රියාල් 150,000කට විකිණී ඇතැයි ද අඟහරුවාදා (4) ඩොලරයක් විකිණී ඇත්තේ ඉරාන රියාල් 138,000කට යැයි බොන්බාස්ට් වෙබ් අඩවිය වාර්තා කළේය. මෙලෙස ඩොලර් විකිණී ඇත්තේ නිලනොවන වෙළෙඳපොළවල යැයි ද වාර්තා වේ. බසාර්360 වෙබ් අඩවියට අනුව ඩොලරයක් විකිණී ඇත්තේ ඉරාන රියාල් 150,000කට වන අතර මෙස්ගාල් ඔන්ලයින් වෙබ් අඩවිය නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඉරාන රියාල් මුදල් ඒකකයකට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 152,530ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
දුර්වල ආර්ථික තත්ත්වය, ඉරාන බැංකු- මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා සහ ඉරාන ජාතිකයන් අතර ඩොලරය සඳහා තිබෙන ඉහළ ඉල්ලුම යන කරුණු හේතුවෙන් මේ වසරේ ගත වූ කාලයේදී ඉරාන රියාල් මුදල් ඒකකයට එහි අගයෙන් තුනෙන් දෙකක් අහිමි වී තිබේ. 2015 වසරේදී අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමත් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කළ සම්බාධක නැවත පැනවීමත්, ඊට අමතරව නව සම්බාධක පැනවීමත් යනාදී කරුණු නිසා ඉරානයේ තෙල් සහ අනෙකුත් අපනයන නවතිනු ඇතැයි බොහෝ පිරිසක් බිය පළ කරති.  
ඉරානයේ තෙල් කර්මාන්තය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය ලබන නොවැම්බර් මාසයේදී සම්බාධක කිහිපයක් පැනවීමට නියමිතය. 
 
හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්

RECOMMEND POSTS