පෙබරවාරි 28 සිට ගුවන් ගමන්



ඉන්දියාවේ කන්නූර් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ සිට මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොල දක්වා ඍජු ගුවන් සේවයක් 2019 පෙබරවාරි 28වන දින සිට ක්‍රියාත්මක වන බව ඉන්දියාවේ ලාභදායි ගුවන් සමාගමක් වන “ගෝඑයා’’ ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

පළමු ගුවන්යානය පෙබරවාරි 28 වන දින ප.ව 9.45ට ගුවන් ගත වී මධ්‍යම රාත්‍රි 12.05 වනවිට මස්කට් ගුවන්තොටුපොලට ලඟා වන බවත් මධ්‍යම රාත්‍රි 1.05ට මස්කට් ගුවන්තොටුපොලෙන් කන්නූර් අන්තර්ජාතික ගුවන්තොටුපොල බලා එම ගුවන්යානය පියාසර කරන බව “ඕමාන් එයා’’ ගුවන් සමාගමේ විධායක අලවි නියෝජිත, මෙසූන් ප්‍රකාශ කළේ ය. 

කන්නූර් අන්තර්ජාතික ගුවන්තොටුපොලෙන් මස්කට් නුවර බලා ගුවන්යානා බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ අඟහරුවාදා දිනයන්වලදි පිටත් වන අතර මස්කට් නුවරින් කන්නූර් අන්තර්ජාතික ගුවන්තොටුපොල බලාගුවන්යානා සිකුරාදා, ඉරිදා සහ බදාදා යන දිනයන්වලදිපිටත් වෙයි.

එක් ගමනාන්තයක් ගමන් කිරීම සඳහා ඉන්දියානු රුපියල් 4,999ක් වැය වන බව “ගෝඑයා’’ ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS