පරිනීති චොප්රා ගායනයට



‘මේරි පෙයාරි බින්ඩු’ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති අතර, මෙම චිත්‍රපටය හරහා ප්‍රධාන නිළි පරිනීති චොප්රා රංගනයට අමතරව ගායනයෙන් ද සිය හැකියාව ඉදිරිපත් කරන්නීය.

චිත්‍රපටයේ ‘මානා කෙ හම් යාර් නහීන්’ පරිනීතිගේ ගායන හැකියාව පිළිඹිබු කරන ගීතය වනු ඇතැයි වාර්තා වේ.

‘මේරි පෙයාරි බින්ඩු’ චිත්‍රපටයේ පරිනීතිගේ පෙම්වතා වනු ඇත්තේ අයුෂ්මාන් කුහුරානාය. පරිනීති චොප්රා ගායනා කරන ‘මානා කෙ හම් යාර් නහීන්’ හෙට (28) දිනයේ ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇත.

(බොලිවුඞ් ලයිෆ් ඇසුරිනි)

 


RECOMMEND POSTS