ඉන්දුනීසියාවේ ගතවූ පැය 24 දී රෝගීන් 700ක්



ඉන්දුනීසියාවේ පසුගිය පැය 24 තුළ අළුතින් කොරෝනා ආසාදිතයන් 700ක් වාර්තා වීමත් සමග එරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 473ක් දක්වා ඉහල ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් ඉන්දුනීසියාවේ පසුගිය දිනය තුළ පමණක් මරණ 40ක් සිදුවූ බවයි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ 1 613 දෙනකු මේ වනවිට මියගොස් තිබේ.

සුවය ලැබූ සංඛ්‍යාව 7 308 කි.

කෙසේවෙතත් ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ සංචාරක කර්මාන්තය ජූලි මාසයේදි නැවත විවෘත කරන බව රජය පවසයි.

ජුනි මුල් සතියෙන් පසු ජකර්තා අගනුවර ද සාමාන්‍ය තත්ත්වයට පත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව රජයේ බලධාරීහු පවසති.


RECOMMEND POSTS