හොංකොං පහන් පිංකම



පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් සහ තුවාල ලැබූවන් ඉක්මන් සුව පතමින් හොංකොං හි ‘පෝ ලියන්ග් ලාම් මන් චාන්’ ඉංග්‍රීසි පාසලේ දී විශේෂ පහන් පිංකමක් ඉකුත් දා පැවැත්විණි. 

ශාස්ත්‍රපති සීගිරියේ සුමිත්ත හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ හොංකොං හි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් එම පිංකම පැවැත්විණි. 

බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් යන සර්ව ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විශේෂ පිංකමේදී ශ්‍රී ලංකාවට සෙත්පතා විශේෂ ආශීර්වාද පූජාවක් ද පැවැත්විණි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ පණිවුඩයක් ද මෙහිදි කියවනු ලැබිණි. 

හොංකොංහි සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 


RECOMMEND POSTS