පෞද්ගලික ඊමේල් භාවිතා කරලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම ඔහුගේ උපදේශිකාවක ලෙස ද කටයුතු කරන ඉවන්කා ට්‍රම්ප්, ධවල මන්දිර රාජකාරි කටයුතු සඳහා සිය පෞද්ගලික ඊ මේල් ලිපිනය භාවිතා කර ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතී.

ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් වෙනම ආරක්ෂිත ඊමේල් සකස් කර දී ඇති අතර, රාජකාරි වැඩ සම්බන්ධයෙන් පෞද්ගලික ඊ මේල් පරිහරණය ඔවුන්ට තහනම්ය.

2016 වසරේ දී ට්‍රම්ප් සමඟ තරග වැදුණු ඔහුගේ ප්‍රතිවාදියා වුණු හිලරි ක්ලින්ටන්ට පරාජය අත්වීමට ප්‍රධාන හේතුවක් වූයේ ද ඇය ජනාධිපති ඔපාමා යටතේ රාජ්‍ය ලේකම් ධුරය හොබවද්දී, රාජකාරි සඳහා පෞද්ගලික ඊ මේල් ලිපිනය භාවිතා කිරීම යැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS