වසර පහකට පසුව ඇලෙප්පෝ නගරය ත්‍රස්තයින් ගෙන් මුදා ගනී



අල් ජසීරා ඇසුරෙනි..

සිරියාවේ ඇලැප්පෝ නගරය සම්පූර්ණයෙන්ම සිරියානු රජයේ හමුදා විසින් අයි.එස් ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන තිබේ.

සිරියානු හමුදාව මේ පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති අතර ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ද ඒ බව තහවුරු කර තිබේ.

කැරලිකරුවන් ග්‍රහණයේ සිටි අවසන් සිවිල් වැසියන් කණ්ඩායම ද හමුදාව විසින් මුදාගෙන ඇති බව වාර්තා වෙයි.

පසුගිය බ්‍රහස්පතින්දා සිට සිවිල් වැසියන් 34,000කට වැඩි පිරිසක් කැරලිකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණි.

2011 වසරේ සිට ඇලැප්පෝ නගරයේ බලය අයි.එස් ත්‍රස්තවාදීන් සතුව පැවැති අතර එය මුදාගැනීම සිරියානු ජනාධිපති බසාර් අල් අසාද් ලැබූ විශාලතම ජයග්‍රහණයක් බව විචාරකයින් පෙන්වා දෙයි.

 

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS