රට යන්න පැය පහකට කලින් ගුවන්තොටට එන්න - ඇමති කියයි



වසර තිහකට පසුව සිදුකෙරෙන කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය නවීකරණය කිරීම වෙනුවෙන් ලබන ජනවාරි 06 වැනිදා සිට මාස තුනක් ගතවන තුරු දිනකට  පැය අටක පමණ කාලයක් එම ගුවන්තොටුපොළ වසා තැබෙන  බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන ජනවාරි 06 වැනිදා සිට අපේ‍්‍රල් 05 වැනිදා තෙක් දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන්තොටුපළ වසා දැමෙන බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.මේ හේතුවෙන් පැය 24 ක් දක්වා ක‍්‍රියාත්මකවූ කටුනායක ගුවන්තොටුපළහි ගුවන් ගමන් සිදුකෙරෙන කාලය පැය 16 ක් දක්වා අඩු වී ඇති බැවිද අමාත්‍යවරයා කීය.

අදාළ නවීකරණය කිරීම් සිදු කෙරෙන කාලය තුළ ගුවන්තොටුපළ පරීක්ෂා කිරීමේ කවුළුව ගුවන් ගමන් සැලසුම් කළ කාලයට පැයකට පෙර වසා දැමීමේ ක‍්‍රමවේදය දැඩි ලෙස ක‍්‍රියාත්මක වන අතරම ගුවන් ගත වීමට පැය පහකට පෙර ගුවන්තොටුපළ පැමිණෙනන ලෙසත් ,ගුවන් මඟින් හැර වෙනත් අය ගුවන්තොටුපළ තුළ ඇතුළු නොකර ගන්නා ලෙසට තමන් උපදෙස් දුන් බවද අමාත්‍යවරයා කීය.

2001 වසරේ සිට මෙම ගුවන් තොටුපළේ ආයුකාලය සම්පූර්ණයෙන් අවසන් වූවද එදා පටන් ගතවූ වසර 16 තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු බලයට පත්වූ කිසිදු රජයක් මේ ගැන සැලකිල්ලට නොගත් බවත් ,එබැවින් සිදු වන අලාභය ගැන නොතකා රජය විසින් රුපියල් බිලියන 7.2ක මුදලක් වැය කරමින් මෙය සිදු කරන බව අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී වැඩිදුරටත් කීය.

 

තිළිණි ද සිල්වා

 


RECOMMEND POSTS