පූසෙක් තැපෑලෙන් යවලා



බළලෙකු තැපැල් මඟින් සත්ව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ පුද්ලයෙකුට තායිවාන බළධාරීන් විසින් දඩ නියම කර ඇත.

අදාළ පුද්ගලයා විසින් තම බළලා, ආවරණය කරන ලද කාඩ්බෝඩ් පෙට්ටියක බහා සීඝ්‍රගාමී තැපෑලෙන් සත්ව මධ්‍යස්ථානය වෙත යෙමු කර තිබේ.

ඒ අනුව ඔහුට තායිවාන සත්ව ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ඩොලර් 2000කට ආසන්න දඩයක් නියම කර ඇත.

ඊට අමතරව සත්ව රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද ඔහුට දඩ නියම කර ඇති බවයි වාර්තා වෙයි.

( තිළිණි ද සිල්වා )
තායිවාන් පෝස්ට් ඇසුරෙනි


RECOMMEND POSTS