සෙල්ෆි ගැසූ ඉන්දීය පොලිස් නිලධාරිනියන්ගේ වැඩ තහනම්



ඉන්දියාවේ ලක්නව් නුවර සමූහ දූෂණයට ලක්වුණු 35 හැවිරිදි තරුණික රෝහල් ගතව සිටිද්දී, ඇගේ ආරක්ෂාවට ඇගේ ඇඳ අසල රැඳවූ පොලිස් නිලධාරිනියන් සිනහසෙමින් ඔවුන්ගේ ඡංගම දුරකතන මගින් සෙල්ෆි ඡායාරූප ගැනීමේ සිදුවීමක් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ජාල උණුසුම් කර තිබේ.

මෙම කාන්තා නිලධාරිනියන්ගේ ක්‍රියාකලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බව ලක්නව් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී සතිෂ් ගනේෂ් මෙන්ම නව මහ ඇමැති යෝගී අධිත්‍යාන්ත් ද පවසා ඇත. නිලධාරිනියන් තිදෙනා වැඩ තහනමකට ලක් කළ බව ද වාර්තා වේ.

 තරුණිය සමූහ දූෂණයට ලක්වූයේ පසුගිය 23 වැනිදාය. ඒ, ඇය දුම්රියෙන් ගමන් කරමින් සිටිද්දීය. ඉන්පසු එම තරුණිය වස පානය කර දිවි නසා ගැනීමට තැත් කර ඇති නමුත් ඇය කඩිනමින් රෝහල් ගත කිරීමට ඇගේ ඥාතීහු කටයුතු කළහ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS