රාජ්‍ය නොවන සංවිධාන ඇමසන් වනයට ගිනි තියනවා



බ්‍රසීලයට අයත් ඇමසන් වැසි වනාන්තරයේ ළැව් ගිනි හට ගැනීම ඉහළ යෑම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සෙරානෝ රාජ්‍ය නොවන සංවිධානවලට චෝදනා කරයි.

ළැව් ගිනි සම්බන්ධයෙන්, අන්ත දක්ෂිණාංශික බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවසන්නේ, රාජ්‍ය නොවන සංවිධාන බ්‍රසීල රජයේ ප්‍රතිරූපය විනාශ කිරීමට උත්සාහ ගන්නා බවය.

බ්‍රසීලයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවලට ප්‍රතිපාදන නැවැත්වීමට තමන් පියවර ගත් බවත් එයින් උරණ වූ එම සංවිධානවල නියෝජිතයන් ඇමසන් වනාන්තරයට ගිනි තබන බවත් ජනාධිපති බොල්සරානෝ මාධ්‍ය හමුවේ පවසා ඇත.

පසුගිය වසරට වඩා මෙම වසරේ බ්‍රසීලයට අයත් ඇමසන් වන්නාතර ප්‍රදේශයේ ළැව් ගිනි හට ගැනීම සියයට 84 කින් ඉහළ ගොස් ඇති බව බරිසරවේදීන් පෙන්වා දුන්නේ ය. මේ අතර, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ළැව් ගිනි හට ගැනීම වැඩි වී ඇත්තේ ගෝලීය උණුසුමේ බලපෑම් නිසා බවය.

බ්‍රසීලියාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS