ප්‍රධාන උපදේශක නීති කඩලා



නිරෝධායන නීති කැඩීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන උපදේශක ඩේවිඩ් කමින්ස් ට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර, කමින්ස් ආරක්ෂා කිරීමට කරුණු දැක්වූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට දොස් අහන්න සිදුවිය.

බ්‍රිතාන්‍ය පුවත් සේවා පුවත් වාර්තා කළේ අගමැති ජොන්සන්, ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සේ වරදක් පිළිගැනීමට නොහැකි චරිතයක් බව පෙන්වා දෙමිනි.

'කොවිඩ් 19' වයිරසය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යය ලොක්ඩවුන් කළ අවස්ථාවේ කමින්ස්, බිරිඳ සහ සිවු හැවිරිදි පුතු ද සමඟ කිලෝ මීටර් 400 ක් දුර ගෙවා, සිය මව සහ පියා බැලීමට‍ ගොස් ඇත.

එම අවස්ථාවේදී කමින්ස් සහ ඔහුගේ බිරිඳ 'කොවිඩ් 19' ආසාදිතයකු බව වී තිබුණි. තමන් මව සහ පියා බැලීමට ගියේ, ඔවුන් ගැන සොයා බැලීමට වෙන අයකු නොවූ බැවින් යැයි කමින්ස් පසුව මාධ්‍ය හමුවකදී පැවැසුවේය.

අගමැති ජොන්සන් පසුව කියා සිටියේ, කමිනිස් වගකීමෙන් කටයුතු කළ බවත් ඔහු වරදක් නොකළ බවත්ය. මෙය බ්‍රිතාන්‍ය වැසියන්ගේ අප්‍රසාදයට හේතුවක් විය.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS