ප්‍රංශයේ පැය 24 කදී කොරොනා මරණ 499 ක්



ගතවුණු පැය 24 ක කාලය ඇතුළත ප්‍රංශයෙන් ‘කොවිඞ් 19’ මරණ 499 ක් වාර්තා විය. ප්‍රංශයෙන් දිනක වැඩිම මරණ ගණනක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ඒ අනුව ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 3,523 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ප්‍රංශයේ රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 22,757 කි.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS