ට්‍රම්ප්ගේ සහායිකාව දියණිය ඉවන්කා



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සහායිකාව ලෙස නිල වශයෙන් දියණිය ඉවන්කා ට්‍රම්ප් කටයුතු කරනු ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර ඇත.

පියා ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකන් ජනපති ධුරයට පත්වූ අවස්ථාවේ පටන් නිල නොවන මට්ටමින් ඔහුගේ පරිපාලන කටයුතු සඳහා ඉවන්කා මැදිහත් වී කටයුතු කළාය. වැටුපක් ලබා නොගෙන නිල වශයෙන් ඇය එම තනතුරේ කටයුතු කරනු ඇතැයි ධවල මන්දිරය වැඩි දුරටත් කියා සිටී.

35 හැවිරිදි ඉවන්කා, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණියයි. ට්‍රම්ප්ගේ සියලු ව්‍යාපාර කටයුතු බලා ගන්නේ ද මැයයි. ඉවන්කාගේ සැමියා ජෙරාඞ් කුෂ්නර් ද මේ වනවිට නිල වශයෙන් ඇමෙරිකන් ජනපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS