සිකා සමුළුව ටජිකිස්තානයේ



ආසියා රටවල් අතර විශ්වාසය සහ සහයෝගීත්වය වර්ධනය කිරීමේ අරමුණින් ‘සිකා’ සමුළුව අනිද්දා (15) ටජිකිස්තානයේ ඩුෂාබේ අගනුවරදී පැවැත්වෙයි.  ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ටජිකිස්තානය බලා ගියේ මෙම සමුළුවට සහභාගී වීම සඳහාය.

මෙවර ‘සිකා’ සමුළුව පැවැත්වෙන්නේ 5 වැනි වරටය.‘සිකා’ සමුළුවේ සාමාජිකයන් ගණන 27 කි.

මේ වනවිට ටජිකිස්තානයේ අසල්වැසියා යන කිර්ගිස්තානයේ පැවැත්වෙන්නේ ෂැංග්හායි සහයෝගීතා සමුළුවය.
එම සමුළුව අවසන් වීමෙන් පසු ඊට සහභාගී වන රාජ්‍ය නායකයන්ගෙන් කිහිප දෙනකු ද ටජිකිස්තානයේ ඩුෂාබේ අගනුවරට ගොස් ‘සිකා’ සමුළුවට සහභාගී වනු ඇත.

ඩුෂාබේහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS