ස්පාඤ්ඤයේ දුම්රියක් පීලි පැනලා



ස්පාඤ්ඤයේ සිදුවුණු දුම්රිය අනතුරින් මගීන් 45 දෙනෙක් තුවාල ලැබූහ.

ඒ අතරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව පැවැසෙයි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව පොලිසිය කියයි.

මැඞ්රිඞ් නුවරට ආසන්නයේ පීලි පැන අනතුරට පත් වූයේ තට්ටු දෙකේ මගී දුම්රියකි. එම අවස්ථාවේදී දුම්රිය ඉතා සෙමින් ධාවන වෙමින් තිබුණි.

අනතුරට හේතුව සොයා බැලීමට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. දුම්රිය කටයුතු පැය කිහිපයක් ප්‍රමාද වීමෙන් මගීන් දැඩි ලෙස අපහසුතාවට පත් වුණැයි ද ස්පාඤ්ඤ පුවත් සේවාවාර්තා කළේය.

(බී.බී.සී.)


RECOMMEND POSTS