විදෙස් ඇමැති මොස්කව් යයි



රුසියා රජය සමඟ හොඳහිත තරකර ගැනීමේ අරමුණින්, උතුරු කොරියානු විදේශ ඇමැති රී යොංග් හෝ රුසියාවේ මොස්කව් නුවරට පැමිණීමට නියමිතව තිබුණි.

උතුරු කොරියාව මේ වනවිට නම්‍යශීලී ප්‍රතිපත්ති අනුගමනය කරමින්, අසල්වැසි රටවල් සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යයි. මේ වනවිටත් දකුණු කොරියාව සමඟ දේශසීමාවේ සාකච්ඡා පැවැත්වීම ආරම්භ කර තිබේ.

ඇමෙරිකාව සමඟ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සූදානම් වෙයි. එම සාකච්ඡා පැවැත්වෙනු ඇත්තේ ලබන මැයි මාසයේදීය. උතුරු කොරියානු රජය සහ ඇමෙරිකා රජය එම සාකච්ඡා සඳහා සූදානම් වෙයි.

සාකච්ඡා කිරීමෙන් පසු, පිළිගත හැකි තත්ත්වයක් පවතින්නේ නම්, තම න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමට හෝ නැවැත්වීමට හෝ කටයුතු කරන බව උතුරු කොරියානු නායකයා අවධාරණය කර තිබේ.

නායක කිම් ජොන් උන් මීට දින කීපයකට පෙර, බිරිය ද කැටුව විශේෂ දුම්රියකින් දේශසීමා හරහා අසල්වැසි චීනයේ නිල සංචාරයක යෙදුණේය. දීන ජනාධිපති ෂී ජින්පින් හමුවී පවතින අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS