රුසියාව තර්ජනයක්



රුසියාව තවදුරටත් ඇමෙරිකාවට තර්ජනයක් යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ෆින්ලන්තයේ, හෙල්සින්කී අගනුවරදී, රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, පසුගිය 16 වැනිදා සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡා අවසන් වෙද්දී ජනපති ට්‍රම්ප් කියා සිටියේ තමන් රුසියාව සමඟත් ජනාධිපති පුටින් සමඟත් යහපත් සබඳතා ඇතිකරගත් බවය.

හෙල්සින්කී හමුව අවසානයේ දී ඇමෙරිකා ජනාධිපත ඩොනල්ඞ් ට්‍රම්ප් මාධය හමුවේ කියා සිටියේ හමුව ඉතා සාර්ථක වුණු බවත් දෙරට අතර අර්බුද විසඳා ගැනීමට තමන් පුටින් සමඟ සාකච්ඡා පැවැත්වූ බවත්ය. 

ට්‍රම්ප්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි. ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමට ට්‍රම්ප්ට ඉඩ ලැබුණේ, රුසියානු පරිගණක හැකර්වරුන් පිරිසක් අන්තර් ජාලය සහ පරිගණක පද්ධති ඔස්සේ ප්‍රතිඵල වෙනස් කිරීම නිසා යැයි චෝදනා එල්ල කර ඇත.

මෙසේ චෝදනා එල්ල කර තිබෙන්නේ, ඇමෙරිකන් ආරක්ෂක අංශය. ට්‍රම්ප්, රුසියානු ජනාධිපති පුටින් හමුවී, සාකච්ඡා පවත්වා යහපත් සබඳතා ඇරැඹීම ‘ඇමෙරිකාව පාවාදීමක්’ යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ ට්‍රම්ප්ට දොස් නගා තිබේ.

කෙසේ නමුත් දිගින් දිගටම දොස් ඇසීමට සිදුවුණු බැවින් තම ස්ථාවරය වෙනස් කරමින්, රුසියාව හෙළා දකිමින් ප්‍රකාශයක් කිරීමට ට්‍රම්ප්ට සිදුවී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා පැහැදිලි කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS