මිලාන් නුවරදී මියගිය ලාංකිකයෙක් ගැන සොයයි !



ඉතාලියේ මිලාන් නුවරදී හෙට්ටිගේ දොන් රාජා සරත් චන්ද්‍රෙස්න මහතා මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

1968 සැප්තැම්බර් 23 වැනිදා  නුවරඑළිය ප්‍ර දේශයේ උපන් මොහු ගැන තොරතුරු දන්නා ඥාතීන් සිටී නම් හෝ ඥාතීන් පිළිබඳ යම් තොරතුරක් දන්නා අයෙක් සිටී නම් ඔවුන් වහාම කොළඹ 01 ,ජනාධිපති මාවතේ ,සෙලින්කෝ ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත පැමිණෙන්නැයි එම අමාත්‍යාංශය කියා සිටී.

එසේම මෙම පුද්ගලයා ගැන තොරතුරු දන්නා කිසිවෙකු සිටී නම් ඒ ගැන 011/2 338 836 වන දුරකථන අංකය අමතන ලෙසද විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහන් කරයි.


( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS