බොනී කපූර්ගෙන් ප්‍රශ්න කෙරේ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවර විවාහ මංගල උත්සවයකට සහභාගීවීමට ගොස් සිටිද්දී, මියගිය බොලිවුඞ් සුපිරි නිළි ශ්‍රීදේවි සම්බන්ධයෙන්, ඇගේ සැමියා බොනී කපූර්ගෙන් ඩුබායි පොලිසිය ප්‍රශ්න කර ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ශ්‍රීදේවිගේ දේහය තවමත් ඩුබායි නුවර බවත් එය හැකි ඉක්මනින් ඉන්දියාවේ මුම්බායි නුවරට ගෙන ඒමට කටයුතු කරන බවත් පැවැසෙයි.

54 හැවිරිදි වියෙහි පසුවුණු ශ්‍රීදේවිගේ මරණය සිදුවූයේ හෘදයාබාධයකින් බව පොලිසිය මුලින් වාර්තා කළේය. කෙසේ නමුත් ඇයට කිසිදු හෘදරෝගයක් නොතිබුණු බව සැමියා බොනී කපූර් සහ පවුලේ අය පවසා තිබුණි.

මංගල උත්සවයෙන් පසු බීමත්ව සිටි ශ්‍රීදේවි ඔවුන් නැවැතී සිටි හෝටලයේ නාන කාමරේ වැටී සිටිද්දී තමන්ට දැක ගැනීමට ලැබුණු බව හෝටලයේ සේවකයෙක් පවසා ඇත.

කෙසේ නමුත් බොනී කපූර් ද පවසා ඇත්තේ හෝටලයේ නාන කාමරයේ සිහිසුන්ව සිටි ශ්‍රීදේවි කඩිනමින් රෝහල් ගත කළ බවත් රෝහලට ගෙන යද්දී ඇය මියගොස් සිටි බවත් බොනී කපූර් පොලිසියට පවසා ඇත.


RECOMMEND POSTS