බිරිදගේ මළ සිරුරවත් එපා, සැමියා කිියයි



කුවේට් හි සිරගෙදරක සිරගතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් එහි සිර මැදඅරිය කඩා වැටීම නිසා මරණයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හංවැල්ල ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු මවකි.

ඇගේ සිරුර සමඟ ඇය සතුව තිබු මුදල් ඇතුළු බඩු භාණ්ඩ ද මෙරටට එවා තිබු අතර ඇයගේ මළ සිරුර හෝ ඒ සමඟ එවා තිබු කිසිවක් භාර ගත නොහැකි බව ඇගේ ස්වාමි පුරරුෂයා දන්වා ඇත.

ඇය විදේශ ගත වූ පසුව තමන් හෝ දරුවන් පිළිබදව කිසිවක් සොයා නොබැලූ බවත් බොහෝ දුක් වි`ද තමන් දරුවන් උස් මහත් කළ බවත් අකටයුතු කම්වල යෙදී සිරගතව සිටි ඇය තමන්ට හා දරුවන්ට අගෞරව වන ලෙස ජීවත්ව ඇති බැවින් මළ සිරුර හෝ ඇයට හිමි කිසිවක් තමන් ප‍්‍රතික්ෂේප කරන බව ද සැමියා දන්වා ඇතැයි පැවැසේ.

 මීට වසර 15 කට පමණ පෙර මෙම කාන්තාව කුවේට් දේශයට ගෘහ සේවිකාවක ලෙස රැකියාවට ගොස් ඇති අතර එසේ ගොස් ඇත්තේ සංචාරක වීසා මතිනි.

මේ අනුව ඇය කාර්යංශයේ ලියා පදිංචිය ලබා නොමැති අතර එහි ගිය පසු තම නිවස සමඟ ද කිසිදු සබදතාවක් පවත්වා නැතැයි කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක්  ලංකාදීපයට පැවැසීය.

ලියාපදිංචිය ලබා නොතිබු බැවින් ඇය පිළිිබද තොරතුරු කාර්යංශය සතුව නොතිබු බවත් ඇගේ සැමියා මෙම මරණය  පිළිබද දිවුරුම් ප‍්‍රකාශ දී ඇත්තේ මෘත ශරීරය පිළීබද අවසන් කටයුතු එරටෙහිම සිදු කරන  ලෙස යැයි තමන්ට වාර්තා වී ඇති බවත් කී  එම නිලධාරියා කෙසේ වෙතත් මේ පිළිබදව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව ද සදහන් කළේය.  

 

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS