පෝලන්ත ජනපති ඩූඩාට යළිත් ජනවරමක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ප්‍රමාද වී පැවැත්වුණු පෝලන්ත ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර, තියුණු සටනකින් පසු ජයග්‍රහණය කර දිගටම බලයේ රැඳී සිටීමට ඕන්ද්‍රෙජ් ඩූඩා සමත් විය.

පාලක කොන්සවර්ටිව් පක්ෂය නියෝජනය කරන ඩූඩා හිමිකරගත් ඡන්ද ප්‍රතිශතය සියයට 51 කි. ඩූඩාට අභියෝගයක් වූයේ ලිබරල් පක්ෂ නායක රෆායෙල් රැස්කෝව්ස්කි ය. රැස්කෝව්ස්කි හිමි කරගත්තේ සියයට 49.6 ක ඡන්ද ප්‍රතිශකයක් බව පැවැසෙයි.

පෝලන්ත ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය මැයි මාසයේය. ඒ, කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රමාද කිරීමෙන් පසුවය. ජනාධිපතිවරණය පැවැත්වූයේ දේශපාලනික වශයෙන් රට තුළ බෙදීමක් ඇති අවස්ථාවකදීය.

වෝෂෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS