ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළු 42 ක් මරුට



ඉන්දු කාශ්මීරයේ ඉන්දීය හමුදා සෙබළුන් ගමන් කරමින් සිටි රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 18 කි.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ. ප්‍රහාරය එල්ල වූයේ ඉන්දියාවේ පාලනයට නතු ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් අගනුවරට නුදුරින් පුල්මාවා දිස්ත්‍රික්කයේ ලෙත්පෝරා ගම්මානය අසලය. ඉන්දීය හමුදා ඉලක්ක කර ගනිමින් එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

ඉන්දීය හමුදා සෙබළුන් 2,500 කට ආසන්න පිරිසක් බස් රථ සහ ට්‍රක් රථ පෙළකින් ගම්මානය අසලින් දිවෙන අධිවේගී මාර්ගයේ ගමන් කරන්න වූ අතර, පුපුරණ ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථයකින් පැමිණි බෝම්බකරුගේ ඉලක්කය වූයේ මෙම රථ පෙළය.

බෝම්බකරුගේ මෝටර් රථයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 ක් හෝ 305 ක් අටවා තිබුණු බව පසුව සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය විය. ප්‍රහාරය සිදු කළේ තමන් බව ජායි ඊ මොහොමද් නමැති බෙදුම්වාදී මුස්ලිම් සන්නද්ධ කල්ලිය විසින් බාර ගනු ලැබ ඇත. බෝම්බකරු එම පළාතේ මුස්ලිම් තරුණයකු බව ද මේ වනවිට තහවුරු වී ඇත.

මෙය ඉතා කුරිරු ම්ලේච්ඡ ක්‍රියාවක් බවත්, ඉන්දියාව කිසිම අවස්ථාවක බියගුළු ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ නොසැලෙන බවත් ත්‍රස්තවාදීන්ට කිසිදු සමාවක් නොදෙන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රහාරය හෙලා දකිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ශ්‍රී නගර්හිදීය (එන්.ඩී.ටීවී)

 


RECOMMEND POSTS