න්‍යෂ්ටික අවි නෑ



උතුරු කොරියාව ඔවුන්ගේ 70 වැනි සංවත්සරය නිමිත්නෙන් දැවැන්ත හමුදා පෙළපාළියක් පැවැත් වූ නමුත් ඊට න්‍යෂ්ටික මිසයිල කිසිවක් ඇතුළත් නොවුණු බව වාර්තා වේ.

උතුරු කොරියාව අසල්වැසි දකුණු කොරියාවට, ඇමෙරිකාවට පමණක් නොව සෙසු ලෝකයට පවසා ඇත්තේ අනතුරුදායක අයුරින් කළ න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ මිසයිල අත්හදා බැලීම් නැවැත්වීමට පියවර ගෙන ඇති බවය.

උතුරු කොරියාව මීට පෙර මෙලෙස හමුදා සංවත්සර සැමරුම් පැවැත්වූයේ ඔවුන්ගේ දිගු දුර බැලැස්ටික් මිසයිල ශක්තිය ලොවට පෙන්නමිනි.

මෙවර උතුරු කොරියාවේ යොංග්යැංග් නුවර පැවැත්වුණු හමුදා පෙළපාළියට විශේෂ අමුත්තන් ලෙස චීන ඇමැතිවරුන් පිරිසක් පැමිණ සිටි බව ද වාර්තා විය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS