ත්‍රස්ත ප්‍රහාරය වළක්වලා



රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර බෝම්බ පුපුරුවා හැරීමට  ත්‍රස්තවාදීන් සැලැසුම් කර තිබුණු නමුත්, ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒ ගැන කල් තියා නතුරු ඇඟවීම් කළ නිසා එම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිවුණු බව රුසියාව කියයි.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමතුමක් දී මේ බව දැනුම් දී ඇත්තේ, ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශ තොරතුරු පාදක කර ගනිමිනි.

බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ඔත්තු දීම සම්බන්ධයෙන් රුසියන් ජනපතිවරයා ට්‍රම්ප්ට ස්තුති කළ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS