තලේබාන් සාමකතා අසාර්ථකයි



ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා අසාර්ථක වුණැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මත ගැටුම් හේතුවෙන් සාකච්ඡා අතරමඟ නවතා දැමුණු බවත් යළි සාකච්ඡා පැවැත්වෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති බවත් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

මෙම සාකච්ඡා ආරම්භ වූයේ කටාර් රාජ්‍යයේ ගැටුම් නිරාකරණය ගැනීමේ විශේෂ ඒකකයේ සුල්තාන් බරාකත්ගේ මැදිහත් වීමෙනි. කටාර් රාජ්‍යයේ තලේබන් සංවිධානයේ සාම කාර්යාලයක් ද පිහිටුවා ඇත. ඇමෙරිකන් නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතර සාම සාකච්ඡා පැවැත්වෙන්නේ මෙම කාර්යාලය හරහාය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS