ටර්න්බුල්ට ධුරය අහිමියි



ඕස්ටේ‍්‍රලියා අගමැති මැල්කම් ටර්න්බුල්ගේ නායකත්වය යළිත් වරක් අභියෝගයට ලක්විය.

පක්ෂ අභ්‍යන්තරයේ අද පැවැති ඡන්ද විමසුමෙන් පසු ටර්න්බුල්ට පක්ෂ නායකත්වය පමණක් නොව අගමැති ධුරය ද අහිමි විය.

ඡන්ද විමසුමේදී 45 දෙනෙක් පාලක ලිබරල් පක්ෂයේ ටර්න්බුල්ට විරෝධය දැක්වූහ. සහාය දැක්වූ ගණන 40 ක් පමණි.

ටර්න්බුල්ට මේ අයුරින් අභියෝග කළේ  ලිබරල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම මුදල් ඇමැති ලෙස ද කටයුතු කළ ස්කොට් මොරිසන් ඇතුළු පිරිසය.

ඒ අනුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්, ටර්න්බුල් ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙනවා යැයි පැවැසීය. ඒ, බිරිඳ සහ දරුවන් ද පිරිවරාගෙනය.

රොයිටර්


RECOMMEND POSTS