උතුරු දිග ඕමානයට අයිස් වැසි



සීත සෘතුව හේතුවෙන් උතුරු දිග ඕමානයේ ප්‍රදේශ රැසකට ඉදිරි දෙදින තුළඳීත්  අයිස් කැට වර්ෂාව විටින් විට ඇදහැලෙන බව ඕමානයේ කාලගුණ විද්‍යා දෙපොර්තමේන්තුව පවසයි.

දෙසැම්බර් මාසයේ මැද සතියේ සිට ඇරඹි මෙම සීත කලාගුණය හේතුවෙන් ජබාල් අල් අක්දාර් හා ජබාල් ෂාම්ස් ප්‍ර දේශ වලට මෙලෙස අයිස් වැසි ඇදහැළෙන අතර සංචාරක ආකර්ෂණයක් සහිත වන එම ප්‍ර දේශයන්හි සංචාරය කරන සියලු දෙනා ඒ ගැන අවධානයෙන් පසුවන්නැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඉදිරි දින කිහිපයේදීත් අයිස් වැසි සමඟ දැඩි මීදුම් සහිත කාලගුණයක් පැවතිය හැකි බැවින් විශේෂයෙන්ම රථවාහන ධාවකයින් එවැනි අවස්ථා වලදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන්නැයි ඕමාන කාලගුණ විද්‍යා දෙපොර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

අරාබි අර්ධද්වීපයේ පිහිටි උසම ස්ථානය ඹ්මානයේ ජබාල් අල් ෂාම්ස් කඳුවැටිය වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 3004 ක ඉහළින් පිහිටා තිබෙන මෙම කඳුකර ප්‍රදේශ වලින් දෙසැම්බර් සිට ජනවාරි මාස අවසානය තෙක්ම අවම උෂ්ණත්වයක් වාර්තා වනු ඇතැයි ඕමාන කාලගුණය පවසයි.

මේ අතර දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවට බලපා ඇති වර්ධා සුලි කුනාටුව හේතුවෙන් ඕමානයේ මස්කට් නුවර සිට චෙන්නායි බලා පියාසර කරන සියලුම ගුවන් යානා මේ වන විටත් අත්හිටුවා තිබෙන බවද වාර්තාවේ.

 

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.....


RECOMMEND POSTS