අපේක්ෂකයාට පිහියෙන් ඇනලා



බ්‍රසීල ජනපතිවරණයට ඉදිරිපත් වන අන්ත දක්ෂිණාංශික අපේක්ෂක යාරී බොල්සෝරානෝ මැතිවරණ රැලියකට එක් වෙමින් ජනතාව අතර ගොස් සිටියදී පිහි ඇනුම් ප්‍රහාරයකට ලක් විය.

පිහි ප්‍රහාරයට ලක්වුණු බොල්සෝරානෝගේ අක්මාවට සහ බඩවැල්වලට තුවාල සිදුවී ඇති බවත් ඔහු කඩිනමින් සැත්කමකට භාජන කළ බවත් වාර්තා වේ.

බ්‍රසීල ජනාධිපතිවරණය ලබන මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අතර, වංචා දූෂණ හේතුවෙන් සිර දඬුවම් විඳින හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ද ඊට ඉදිරිපත් වීමට නියමිතය.

(රොයිටර්)


RECOMMEND POSTS