100 වැනි නොබෙල් සාම ත්‍යාගය කාටද?



නොබෙල් සාම ත්‍යාගය අද (11) පිරිනැමෙයි. ලෝකය යහපත් තැනක් කිරීමට සහ ලෝක සාමය වෙනුවෙන් කැපවුණු පුද්ගලයන් ඇගැයීමට ලක් කරමින් සාම ත්‍යාගය පිරිනැමෙයි.

මෙවර විශේෂය නම් සාම ත්‍යාගය ප්‍රදානය කෙරෙන 100 වැනි අවස්ථාව මෙය වීමය. මෙවර සාම සම්මානය කාට හිමිවේවිදැයි තවමත් කිසිවෙක් නොදනී.

එය පරිසරවේදිනියක වන ග්‍රෙටා තොන්බර්ග්ට හිමිවනු ඇතැයි ද පැවැසෙයි. පසුගිය වසරේ ද ග්‍රෙටාගේ නම සාම ත්‍යාගය වෙනුවෙන් නම් කෙරුණි.

මීට අමතරව ඉතියෝපියා අගමැති අබියේ අහ්මද්, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන්, බ්‍රසීල ස්වදේශ ජනතා නායක ර​ඕනී මෙටුක්ටයර්ගේ නම් ද සාම ත්‍යාගය සඳහා යෝජනා වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS