විවාදය වීඩියෝ තාක්ෂණයෙන්



නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණය නිමිත්තෙන් ඊට සහභාගී වන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් අතර සජීවී විවාදයක් පැවැත්විණි. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

විවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කළේ කොරෝනා වයිරස වසංගතය නිසාත්, ට්‍රම්ප් තවමත් කොරෝනා ආසාදිතයකු යැයි ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සැකපළ කරන නිසාත්ය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති විවාදයට ට්‍රම්ප් සහභාගී වූයේ ෆ්ලොරීඩාවේ මියාමි සිටය. බයිඩන් සහභාගී වූයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිලිඩෙල්පියා නුවර සිටය.

විවාදයේ ප්‍රධාන මාතෘකාව වූයේ කොරෝනා වයිරස වසංගතයයි. ට්‍රම්ප් පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් ඇමෙරිකාවේ වයිරස ව්‍යාප්තිය සිදුවුණු බවට චෝදනා එල්ල කිරීමට බයිඩන් කටයුතු කළ අතර, ට්‍රම්ප් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් ජනතාව බොරුවට බිය ගන්වන්නේ නැතිව වයිරස ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගත් බවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS