මධ්‍යවාර මැතිවරණය හෙට



ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය හෙට (6) ආරම්භ වෙයි.

මැතිවරණය පැවැත්වෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු දෙවසරක ධුර කාලය අවසන් වෙද්දීය. ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමේ මැතිවරණය ලෙස මෙය සැලකෙයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 වෙනුවෙන් සහ සෙනෙට් ආසන 35 වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර ගැනීම මෙහෙිදී සිදුවෙයි. ඊට අමතරව, ඇමෙරිකාවේ ආණ්ඩුකාරවරුන් 39 දෙනා තෝරා ගැනීම ද මෙම මැතිවරණයේ දී සිදුවෙයි.

මේ වනවිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේත් බහුතර බලය ඇත්තේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.

මැතිවරණයෙන් ට්‍රම්ප්ගේ ජනපති ධුරයට අභියෝගයක් එල්ල වන්නේ නැති බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමේ සටනක නියැලී සිටිති.

යම්හෙයකින්, රිපබ්ලිකන් පාක්ෂිකයන්ට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේත් බහුතරය අහිමි වුවහොත්, පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේ දී ගැටලු මතුවෙයි. ජනපති ට්‍රම්ප්ගේ දේශීය මෙන්ම විදේශීය නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බාධා එල්ල වෙයි. එය රටේ ඉදිරි ගමනට බාධා එල්ල වෙයි. එහෙයින්, රිපබ්ලිකන් පාක්ෂිකයන් මෙම මැතිවරණය ජයග්‍රහණය කළ යුතුව ඇත.

ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇත්තේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුකරය දිනා ගැනීමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සමත් වනු ඇති බවය. කෙසේ නමුත් සෙනෙට් මණ්ඩලයේ බලය දිගටම රඳවා ගැනීමට රිපබ්ලිකන්වරුන්ට හැකියාව ලැබෙනු ඇතැයි ද අනාවැකි පළ වී ඇත.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS