ට්‍රම්ප්ට තවත් ලිපියක්



උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ තවත් ‘ලස්සන’ ලිපියක් තමන්ට ලැබුණු බවත්, උතුරු කොරියාවේ කෙටි දුර මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් නායක කිම් ජොන් උන්, සමාව ඉල්ලා ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසන අන්දමට, එම ලිපිය පිටු තුනකින් සමන්විතය. ‘මම හිතන්නේ මට යළිත් වරක් නායක කිම් ජොන් උන් හමුවන්න අවස්ථාවක් උදාවේවි’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.

තමන් පසුගිය ජූනි 30 වැනිදා සිට කෙටි දුර මිසයිල අත්හදා බැලීම් කරන්නේ, දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී සිදු කරන ඒකාබද්ධ යුද අභ්‍යාසයට විරෝධය දැක්වීමක් ලෙස බවත්, එය ඇමෙරිකාවට නොව දකුණු කොරියාවට දක්වන විරෝධයක් බවත් ඒ ගැන සමාව ඉල්ලා සිටින බවත් කිම් ජොන් උන් සිය ලිපියෙහි සඳහන් කර ඇතැයි ඇමෙරිකා ජනපතිවරයා පැහැදිලි කරයි.

වොෂින්ටනයේදීය (රොයාටර්ස්)


RECOMMEND POSTS