ඕස්ටේ‍්‍රලියාවට මහ වැසි



ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්තයට නොකඩවා මෝසම් වැසි ඇද හැලෙමින් පවතින බවත්, ටවුන්ස්වින් නගරය ඇතුළු නගර කිහිපයක් මේවනවිට ජලයෙන් යටවී ඇති බවත් පැවැසෙයි.

ජල ගැලීම්වලට කොටුවුණු පිරිස් බේරා ගැනීටම පමණක් නොව, නගරයට ගසා ගෙන ආ කිඹුලන් ඉවත් කිරීමට ද  ඕස්ටේ‍්‍රලියා හමුදාවට සිදුවී ඇති බව වාර්තා වේ.

නොකඩවා මෝසම් වැසි ඇද හැලීම සාමාන්‍ය දෙයක් වුවත් මෙවර මෝසම් වැසි ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බවත්, මෙලෙස ජල ගැලීම් වාර්තා වූයේ ශතවර්ෂයකට පමණ පසුව බවත්  ඕස්ටේ‍්‍රලියා පුවත් සේවා පෙන්වා දෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS